අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේගෙන් හැංගී සිටීම

මම තදින් ඇස් වසාගෙන ගණන් කරන්න පටන් ගත්තෙමි. මගේ තුන්වන පන්තියේ සෙසු මිතුරන් සැඟවීමට ස්ථානයක් සොයා ගැනීමට කාමරයෙන් පිටතට දිව ගියහ. සෑම පොත් කබඞ් එකකම, ට්‍රංක පෙට්ටියකම සහ අල්මාරියකම සෙව්වද මගේ එක් මිතුරෙක් සොයා ගැනීමට නොහැකි වුනි. අවසානයේදී සිවිලීමේ එල්ලා තිබුණු ෆර්න් පැලයක් සහිත මල් පෝච්චියක් පිටුපසින් ඇය එළියට පැන්න විට මට එය විහිළුවක් මෙන් දැණුනි. මෙම පැළයෙන් වැසී තිබෙන්න…

සමීප වීම

කොරෝනා වෛරසය හේතුවෙන් මගේ ආරක්‍ෂිත තැන්පතු පෙට්ටියෙන් යමක් ලබා ගැනීමට පෙරට වඩා නිල වශයෙන් පිළිපැදිය යුතු නීති කිහිපයක් තිබුණි. දැන් මට වෙලාවක් වෙන් කර ගැනීමට සිදුවන අතර මම බැංකුවට ඇතුළු වීමට අවසර ලබා ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දී මගේ හැඳුනුම් පත සහ අත්සන පෙන්වා නම් කළ බැංකු නිලධාරියෙක් විසින් සුරක්‍ෂිතාගාරය වෙත කැඳවා ගෙන යන තෙක් සිටීමට සිදු වන්නේය. ඇතුළට ගිය…

අතාත්වික අභිමුඛය

නව කොරෝනා වෛරසය ලොව පුරා සැරිසරන විට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දුන්නේ මිනිසුන් අතර ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම එහි ව්‍යාප්තිය මන්දගාමී කිරීමේ මාධ්‍යයක් ලෙසටයි. බොහෝ රටවල් තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ස්වයං නිරෝධායනය වන ලෙස හෝ නිවෙස් වලට වී සිටින ලෙසටයි. හැකි නම් නිවසේ සිට වැඩ කිරීමට සංවිධාන තම සේවකයින්ව නිවෙස්වලට යැවීය. එසේම අනෙක් අයගේ රැකියා අහිමිවීමෙන් ඔව්හු මූල්‍යමය වශයෙන් දුර්වල වූහ.…

මට ඉන්න දෙන්න

ඔවුන් තම මෝටර් රථය දෙසට යන අවස්ථාවේදී සැන්ඩර් තම මවගේ දෑතින් මිදී දේවස්ථානය දෙසට දිව ගියේය. ඔහුට යෑමට අවශ්‍ය නොවීය. ඔහුගේ මව ඔහු පසුපස දිව ගොස් තම පුතාව ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කළේ නිවසට පිටත්ව යාම සඳහාය. අවසානයේදී ඔහුගේ මව සිව් හැවිරිදි සැන්ඩර්ව වැළඳ ගෙන ඔසවා ගෙන ගමන් කරන විට ඔහු ඉකි ගසමින් මවගේ උරහිසට ඉහළින් දේවස්ථානය දෙස ඕනෑකමෙන් බලා…

සීනුව නාද කරන්න

විශ්මිත විකිරණ ප්‍රතිකාර වට තිහකින් පසුව ඩාර්ලා පිළිකාවෙන් නිදහස් බව ප්‍රකාශ කරන ලදී. රෝහල් සම්ප්‍රදායේ කොටසක් ලෙස ඇයගේ ප්‍රතිකාරයේ අවසානය සනිටුහන් කළ “පිළිකාවෙන් තොර සීනුව” නාද කිරීමටද ඇයගේ සම්පූර්ණ සෞඛ්‍යභාවය සැමරීමටද ඇය උනන්දු වූවාය. ඩාර්ලා ඇගේ සැමරුම් නාදයේදී ඉතා උද්යෝගිමත් හා ජවසම්පන්න වූ නිසා සීනුවට ගැට ගසා තිබූ කඹයද කැඩුණි. සියලු දෙනාම ප්‍රීතියෙන් සිනහසුණි.

ඩාර්ලාගේ කථාව මගේ මුහුණට සිනහවක් ගෙන…

යොවුන් ඇදහිල්ල

යොවුන් විය සමහර විට දෙමාපියන්ට සහ දරුවන්ට යන දෙගොල්ලන්ටම ජීවිතයේ වඩාත්ම වේදනාකාරී කාලය විය හැකිය. මගේ මවගේ රැකවරණයෙන් මිදී තනිවම මගේ ජීවිතය ගෙන යාමට යොවුන් වියේදී ඇති වූ බලපෑම නිසා ඇගේ නීති රීති වලින් ඇය උත්සාහ කරන්නේ මාව තවත් වේදනාවට පත් කිරීම යයි සැක කොට මම ඇගේ සාරධර්ම විවෘතව ප්‍රතික්ෂේප කර ඇගේ නීති රීතිවලට එරෙහිව කැරළි ගැසුවෙමි. එතැන් සිට අපි…

බයිබලයේ මහා කථාව

කොලින් තමා මිළදී ගත් විවිධ වර්ණ සහිත වීදුරු කැබලි පෙට්ටිය විවෘත කළ විට ඔහු ව්‍යාපෘතියක් සඳහා ඇණවුම් කළ කොටස් සොයා ගැනීම වෙනුවට නොකැඩුණු සම්පූර්ණ ජනෙල් සොයා ගත්තේය. ඔහු ජනෙල් වල මූලාරම්භය සොයා ගැනීමට පටන් ගත් විට ඒවා 2 වන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාර වලින් දේවස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා ඉවත් කරන ලද ජනේල බව දැන ගත්තේය. කාර්්‍යයේ ගුණාත්මක භාවය සහ “කොටස්”…

අන් අය කෙරෙහි අනුග්‍රහය දැක්වීම

අපේ පුතා දරුකමට හදා ගැනීමට පෙර ඔහුගේ ජීවිතයේ මුල් කාලය ළමා නිවාසයක ගෙවුණි. සින්ඩර්බ්ලොක් ගොඩනැගිල්ලෙන් නිවසට යාමට පෙර ඔහුගේ බඩුබාහිරාදිය එකතු කර ගන්නා ලෙසට කිවෙමු. කණගාටුවට කරුණක් වූයේ ඔහුට කිසිවක් නොතිබීමයි. අපි ඔහු වෙනුවෙන් ගෙනා අලුත් ඇඳුම් මාරු කළ අතර අනික් ළමුන්ටත් ඇඳුම් කිහිපයක් ඉතිරි කළෙමු. ඔහු සතුව තිබූ ස්වල්පය ගැන මා දුක් වූවත් ඔහුගේ ශාරිරික සහ චිත්තවේගී අවශ්‍යතා සපුරාලීමට…

අපගේ ඇදහිල්ල බෙදා ගැනීමේදී “බෙදා ගත යුතු දේ”

ප්‍රසිද්ධියේ කථා කිරීමට ඇති බිය ගැන උපදෙස් ලබා ගැනීම සඳහා ඇලන් මා වෙත පැමිණියේය. බොහෝ දෙනෙකුට මෙන් ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගනී. ඔහුගේ මුඛය ඇලෙන සුලු හා වියළි බවක් දනවයි. එසේම ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් දීප්තිමත් රතු පැහැයක් ගනියි. මිනිසුන් තුළ බහුලව දකින්ට ලැබෙන සමාජ භීතීන් අතර ග්ලෝසෝෆෝබියාවද ඇත. බොහෝ දෙනෙක් විහිළුවට මෙන් කියන්නේ මැරෙනවාට වඩා ප්‍රසිද්ධියේ කථා කිරීමට බිය…

පරිණතභාවය කරා ගමන් කිරීම

මෑතකදී කරන ලද පරීක්‍ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වැඩිහිටියන් බවට පත් වූවා යයි විශ්වාස කරන වයස හඳුනා ගන්නා ලෙසටයි. තමන් වැඩිහිටියන් ලෙස සැළකූ අය නිශ්චිත හැසිරීම් ඔවුන්ගේ වැඩිහිටිකමට සාක්‍ෂි ලෙස පෙන්වා දුන්හ. අයවැයක් තිබීම සහ නිවසක් මිළට ගැනීම වැඩිහිටි භාවයේ ලකුණු ලෙස ඉහළින්ම සිටියේය. අනෙකුත් වැඩිහිටි ක්‍රියාකාරකම් වූයේ සෑම රාත්‍රියකම රාත්‍රී ආහාර පිසීම සහ තමන්ගේම වෛද්‍ය හමුවීම් උපලේඛණගත කිරීම,…